Pages

Wednesday, July 26, 2023

Give our rights back

- International Human Rights Day 2022 - Commemoration of international human rights day was held in Colombo on 10th December 2022. The event has been organized with the collaboration of trade unions, mass organizations, and civil activists. - ජාත්‍යන්තර මානව හිමිකම් දිනය 2022 - ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දෙසැම්බර් 10 වැනිදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් කොළඹදී පැවැත්වුනා. ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැති මේ විශේෂ වැඩසටහන වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් සංවිධාන කොට තිබුනා. #InternationalHumanRightsDay #HumanRightsDay #nafsosrilanka #prajaabhilashanetwork

Food is our rights

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork "ආහාර අර්බුදයට විසඳුම් සොයමු " ආහාර දින සැමරුම දකුණේ ධීවර සංවිධානය විසින් සංවිධානය කරන ලද ආහාර දින සැමරුම දකුණ ධීවර සංවිධාන කාර්යාලයේදී 2022 /11/11 පැවැත්විණි . මෙම සැමරුම ප්‍රධාන අංග හතරකින් සමන්විත විය 01.ස්වයංපෝෂිත ඒකෙන් විසින් තම ගෙවතුවල වගා කරන ලද බෝග අලෙවි කිරීම සඳහා වූ පොලක් පැවැත්වීම . 02.ආහාර අර්බුදය පිළිබඳව සහ ආහාර ස්වෛරිත්ව වටිනාකම පිළිබඳව විදහා දැක්වෙන ප්‍රදර්ශනයක් ගොඩනඟා තිබීම . 03.ගොවි ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සඳහා ගොවි සායනයක් පැවැත්වීම . 04.පසු අස්වනු තාක්ෂණය වැදගත්කම කියාපාමින් කෑම කල්තබා කල් තබා ගැනීම පිළිබඳව පුහුණුවක් ලබා දීම .මෙදින විශේෂයෙන් ඇඹුල්තියල් සකස් කිරීම සම්බන්ධව පුහුණුවක් ලබාදීම සිදුකරන ලදී . මෙම මෙම වැඩ සටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ,ප්‍රාදේශීය ලේකම්තුමිය වන ජී ජී ලක්ෂ්මි කාන්ති මහත්මිය සහභාගී විය .මීට අමතරව කෘෂි උපදේශක ,කෘෂි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ගොවිජන සංවර්ධන නිලධාරී ,කෘෂි නිෂ්පාදන සහකාර නිලධාරීන් ,පරිසර නිලධාරීන් හා විදාතා ආයතනයේ නිලධාරීන් සහභාගී විය . මීට අමතරව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ නිලධාරින් සහ නීතිඥ රවීන්ද්‍ර සුමතිපාල මිය මෙම සැමරුමට සහභාගී විය . එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශී ලේකම් තුමිය ප්‍රකාශ කරන ලද්දේ ‘’ස්වයංපෝෂිත ඒක ගොඩනැගීමේ වැදගත්කම සහ දැනට දකුණේ ධීවර සංවිධානය ආරම්භ කර ඇති එම ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශංසා කළ අතර ඉදිරි කටයුතු වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් තවදුරටත් සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය’’ . එමෙන්ම එමෙන්ම මෙම වැඩ සටහනේ දී අදහස් දැක්වූ ප්‍රියංකර කොස්තා මාහත්මා සඳහන් කළේ ‘’මෙම ආහාර අර්බුදය අප විසින් ගොඩනඟපු එකක් නොවන බවත්, රජයේ බලධාරීන් සහ දේශපාලනඥයන් සිදු කරන ලද වැරදි තීන්දු වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව මෙම සහගින්නට සහ මන්ද පෝෂණයට ලක් වී ඇති බවයි’’ මෙම සැමරුම්හිදී අප දුටු තවත් විශේෂ අවස්ථාවක් වූයේ දකුණේ ධීවර සංවිධානයේ තරුණ දූ පුතුන් විසින් ප්‍රදර්ශන කුටියේ තිබෙන්නා වූ තිබෙන්නා වූ ආහාර අර්බුදය පිළිබඳව තොරතුරු පිළිබඳව පැමිණි සියලු දෙනාට ඒ පැහැදිලි කර දීමට ගනු ලැබූ ප්‍රයත්නය ඉතා ඉතාම අගය කරමු.එමෙන්ම මෙම ප්‍රදර්ශනය සඳහා අවුරුදු 10ක කුඩා දියණියක් විසින් නිර්මාණය කර තිබූ ගෙවත්ත අප විසින් අගය කිරීමක් සිදුකරන ලදී .එම සමස්ත වැඩ සටහනේ වැඩ සටහනේ දී නායකත්වය ලබාදුන් දුලිප් මහත්මාට සහ අනෙකුත් නිලධාරීන්ට නිලධාරීන්ට මෙන්ම ගම්මාන වල නායකයින්ට තරුණ නායකයින්ට විශේෂ ස්තුතිය පුදකරමු.