Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » ආහාර යනු අයිතියකි - ආහාර ස්වෛරීත්වයේ තොර අනාගතයක් නැත

ආහාර යනු අයිතියකි - ආහාර ස්වෛරීත්වයේ තොර අනාගතයක් නැත

Written By Joining Hands Network on Tuesday, February 15, 2022 | 9:24 AM

ආහාර යනු අයිතියකි - ආහාර ස්වෛරීත්වයේ තොර අනාගතයක් නැත ආහාර ස්වෛරීභාවය තහවුරු කරනා ගොවිජන පර්වර්තනයක් සඳහා ඉදිරිපත් කරන යෝජනා මිනිසුන් වන අපට මෙන්ම සතුන්ට ගහකොලට ද ජීවත්වීමට අයිතියක් ඇත. රටක ආහාර නිෂ්පාදනය, පරිභෝජනය හා වෙළෙදාම සකස් විය යුත්තේ රටේ පුරවැසියන්ගේ ද සොබාදහමේ ද ජීවත්වීමේ අයිතිය ආරක්ෂා වන පරිද්දෙනි. ඒ සඳහා වන ප්‍රතිපත්තීන් මගින් යහපත් නිරෝගී ජිවිතයක් උදෙසා ගුණාත්මක ආහාර වේලක් ලැබීමට රටේ ජනතාවට ඇති අයිතිය තහවුරු විය යුතුය. ගොවීන් ධීවරයින් ඇතුලු සියලු ආහාර නිෂ්පාදකයින්ගේ අයිතීන් ආරක්ෂා විය යුතුය. රටේ සම්පත් තිරසර ලෙස භාවිතා කරමින් පාරිසරික පද්ධතීන්ගේ ආරක්ෂාව ගොඩනැගිය යුතුය රටේ සංවර්ධන මුලෝපායන් සියලු ජනකොටස්වල අයිතීන් ආරක්ෂා වන හා සොබාවික සම්පත්වල ප්‍රතිඋත්පාදන ශක්තිය රැකෙන තිරසර සංවර්ධනයක් උදෙසා විය යුතුය. වර්තමානයේ අප මුහුණ දෙන ආහාර අර්බුදය ආහාර ස්වෛරීභාවය වෙනුවෙට ලාභය මුල් කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති හා සැළසුම් හේතුවෙන් ඇති වූවකි. ඇති වී තිබෙන අර්බුදය පිළිබදව දිගු කාලීන අරමුණක් හා සැලසුමක් සහිතව කටයුතු නොකල හොත් ව්‍යසනය තීව්‍ර වනු ඇත. එය විසඳීම සඳහා අවශ්‍ය පළමු පියවර නම් වැරැද්දක් සිදුවී තිබෙන බවත්, එය නිවරැදි කර ගැනීමට සුදානම් බවත් රජය විසින් පිළිගැනීමයි. අර්බුදය විසදීම සදහා සමස්ථ පරිවර්තනයක් අවශ්‍ය අතර එහි දී ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන්, වෙළෙදපොල, ආහාර නිෂ්පාදකයින්ගේ අයිතින්, ස්වාභාවික සම්පත්වල තිරසර පැවැත්ම, ජාත්‍යන්තර ගිවිසුම් හා සමස්ථ ආර්ථික ප්‍රතිපත්ති ජනතාවගේ ආහාර ස්වෛරීභාවය අරමුණු කරගෙන සකස් විය යුතුය. එම පරිවර්තනය තුළ ආහාර නිෂ්පාදනය, වෙළෙදාම හා පරිභෝජනය සම්බන්ධ තීන්දු ගැනීමේ අයිතිය ව්‍යාපාරිකයින් අතින් මුදවා ගෙන, ආහාර පද්ධතියේ අයිතිය ආහාර නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් අතට පැවරිය යුතුය. . සුලු පරිමාන ආහාර නිෂ්පාදකයන් මුලික කොට ගත් ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමු. කෘෂිකාර්මික පද්ධතියේ ප්‍රතිසංස්කරණයන් සදහා වන යෝජනා 01. ගොවින්ගේ ජීවනෝපායන් ආරක්ෂා වන ආකාරයට හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලැබීමට පාරිභෝගිකයින්ට ඇති අයිතිය ආරක්ෂා වන ආකාරයට පාරිසරික කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරිම සදහා පර්යේෂණ, පුහුණු, ව්‍යාප්ති සේවා හා වෙළෙදපොල ආවරණය කෙරෙන දිගුකාලීන, පරිපූර්ණ සැලැස්මක් සකස් කිරිම. ඒ සදහා සොබාදහමට එකඟ, දේශීය සම්පත් මත පදනම්වූ තිරසර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ගොඩනැගීම 02. ග්ලයිපෝසෙට් ඇතුලු වකුගඩු රෝගයට අදාලව හෙළිදරව් වූ සියලු කෘෂි රසායනික ආනයනය තහනම් කිරීම හා මේ වන විට වෙළෙද පොළෙහි ඇති තොග වහාම ඉවත් කිරීම. ඊට විකල්ප වූ පාරිසරික යෙදවුම් ගොවිබිම් මට්ටමේ නිපදවීම සදහා වන පර්යේෂණය, පුහුණු හා ව්‍යාප්ති සේවා ආරම්භ කිරිම. 03. රසායනික පොහොර සහනාධාරය වෙනුවෙන් වෙන් කරන මුදල පරිසර හිතකාමී ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා අවශ්ය පර්යේෂණ, ව්‍යාප්ති, හා ගොවින් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් සඳහා යෙදවීම. 04. බීජ සඳහා ගොවීන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුය. බීජ නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට පෞද්ගලික අංශය නතු කොටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා ගොවීන් සම්බන්ධකර ගත් පාරම්පරික බීජ සංරක්ෂණ හා ව්යාප්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. 05. සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට ඉඩම්, ජලය, හා අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය තහවුරු කිරිම, ඒ පිළිබද තීන්දු තීරණ ගැනීමේ දී ඔවුන්ගේ සෘජු දායකත්වය ලබා ගත යුතු අතර තිරසර භාවිතය තහවුරුවන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. 06. ගොවින්ට කෘෂි නිෂ්පාදන සදහා සහතික මිළක් ලබා ගැනීමටත්, පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ගුණාත්මක ආහාර ලබා දීම සහතික කිරිමටත්, නිෂ්පාදන හා පරිභෝජන සමුපකාර ක්‍රමයක් මත පදනම් වූ කෘෂි නිෂ්පාදන වෙළෙදපොලක් ගොඩනැගීම. ඒ තුළ සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් සමස්ත ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ (නිෂ්පාදනය, සැකසුම, අගය එකතු කිරීම, බෙදාහැරීම හා අලෙවිය) ශක්තිමත් කිරීම. 08. වියළි කළාපයේ සියලුම වැව් හා එල්ලංගා පද්ධති, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ ඇතුළු සියලු කෘෂි පාරිසරික පද්ධති සංරක්ෂණය කිරීම හා තිරසර භාවිතයකට යොදා ගැනීම. 09. කාන්තා ආහාර නිෂ්පාදකයින් විසින් ආර්ථිකයට හා ආහාර සුරක්ෂිතභාවයට සිදුකරන ලබන දායකත්වය මැනිම සඳහා ජාතික ආර්ථික දර්ශකයන් සමග ඒකාබද්ධ වූ දර්ශකයන් ගොඩනැගීම. කෘෂිකර්මාන්තය හා ස්වභාවික සම්පත් අයිතිය සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමේදි කාන්තාවන් ප්‍රමුඛ කොට සැලකිය යුතුය. 10. ජාත්‍යන්තර වෙළෙද ගිවිසුම්වලට එළඹීමේ දි දේශීය ආහාර නිෂ්පාදකයා ආරක්ෂා කිරිම ප්‍රමුඛ පරමාර්ථය ලෙස සැලකීම. ධීවර කර්මාන්තය සදහා යෝජනා 1. තිරසර සුළු පන්න ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා වන FAO මූලික මඟ පෙන්වීම් මාලාව පිළිගෙන එය අනුමත කරමින් අවශ්ය ප්‍රතිපත්ති සම්පාදනයට පියවර ගැනීම. 2. දේශීය ධීවර කර්මාන්තයේ භාවිතා කරන සියලු අහිතකර හා විනාශකාරී පන්න ක්‍රම තහනම තදින්ම ක්‍රියාත්මක කර සුළු පන්න ධීවරයා ආරක්ෂා කිරීමට පියවර ගැනීම. 3. යුරෝපා සංගමය මගින් මඟ පෙන්වීම් අනුව දේශීය ධීවර කර්මාන්තයේ අධීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කිරිමෙන් හා ක්‍රියාත්මක කිරිමෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවේ මසුන් ආනයනය තහනම් කිරීමෙන් දේශීය බහුදින ධීවර කර්මාන්තයට සිදුව ඇති හානිය වලක්වා ගැනීම. 4. ඉන්දීය ධීවරයින් දේශීය මුහුදු තීරය ආක්‍රමණය කිරීමෙන් සිදුව ඇති අහිත කර ආර්ථික පාරිසරික බලපෑම අවම කිරීමට දේශීය මුහුදු තීරයට ඉන්දියන් යාත්‍රා ඇතුලුවීම වැලැක්වීමට ආරක්ෂිත හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීම. 5. හමුදාකරණය, සංචාරක ව්‍යාපාරය හා අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දේශීයව අවතැන් කර ඇති සියලුම ධීවර ජනතාවට නැවත තමන්ගේ ඉඩම්වලට හා මුහුදු තීරයට යාමට ඇති අයිතිය තහවුරු කිරිම, මෙහි දී විශාල හානියක් සිදුව ඇති ධීවර කාන්තාවන්ගේ විශේෂයෙන්ම ගෘහ මූලික කාන්තාවන්ට හා දරුවන් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. 6. යුද්ධයෙන් පසුව උතුරට හා නැගෙනහිර ප්‍රදේශයන්ට සංක්‍රමණය වී එම ප්‍රදේශවල ජනතාවගේ අනුමැතිය හා එකඟතාවයෙන් තොරව දේශපාලන හෝ මිලිටරිමය සහය සහිතව සිදුකරන සාම්ප්‍රදායික නොවන ධීවර සංක්‍රමණ කටයුතු පාලනය සඳහා පියවර ගත යුතුය. 7. පසුගිය කාලයේ ක්‍රියාත්මක වු දේශපාලනිකව ධීවරයන්ව සංවිධාන ගත කිරීම වෙනුවට ශක්තිමත් ස්වාධීන ධීවර ව්‍යාපාරයක් ගොඩ නැගීමට කටයුතු කිරීම. 8. විවිධ රටවල (චීනය, තායිවානය) බහු ජාතික සමාගම් වලට ශ්‍රි ලාංකේය ධජය භාවිතා කරමින් ශ්‍රි ලාංකේය මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සඳහා ආයෝජන මණ්ඩලය මගින් ලබා දී තිබෙන අවසරය අහෝසි කිරීම හා මින් ඉදිරියට ලබා නොදීම. 9' ldka;djkaf.a miq wiajkq l%shdldrlus yd Ndjs;djka jevsoshqKq lsrsug iy foaYshj ksmojsh yels Osjr ksIamdok wdkhkh lsrSu kshdukh lsrSu$iSud lsrsug wOdr imhdoSu 10' whs t,a Us iusuq;sfha C188 wkqu; lsrSu iy id.rh ;=< osjsf.jk Osjrhkaf.a hd;%dj, fiajh lrk Osjr luslrejkaf.a wdrlaIdj ;yjqre lsrSu' 11' iq,q mrsudK Osjrhskaf.a iy iudcfha ish,qu Osjrhskaf.a iudc wdrlaIK iy iudc ixjrAOk mshjrhka iy;sl lsrSu' 12' rg ;=< csj;ajk Osjr m%cdjkaf.a wNsjDoaOsh iy kv;a;=j iy;sl lrk w;ru l,mq iy wNHk;ar c,dYj, M,odhs$m%Yia: Ndjs;dj i|yd ie,eiaula ilialr l%shd;aul lsrSu' වතුකරය සම්බන්ධ යෝජනා 1. මේ වන විට අසාර්ථක වී තිබෙන ඒක බෝගීය කාර්මික වතුවගා ක්‍රමය වෙනුවට විවිධාංගීකරණය වූ පරිසර හිතකාමි බහුබෝග වගාවන්ට යොමු වීම. සුළු පරිමාණ ගොවින් මුල් කරගත් පරිසර හිතකාමි නිෂ්පාදනයක් තුළින් අපනයන වෙළෙදපොල දිනා ගැනීම. 2. පරම්පරා ගණනාවක් මෙරට ආර්ථිකයට ඉමහත් දායකත්වයක් දක්වන ලද වතු කම්කරුවන්ට තමන් ජීවත් වන භුමීයේ අයිතිය ලබා දීම තුළින් ඔවුන් නිෂ්පාදකයින් ලෙස රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම. මෙහි දී ඔවුනට අවම වශයෙන් පර්චස් 20 ක් ඉඩමක් සහිත නිවසක් සහ වගාව සදහා අක්කර භාගයකට ආසන්න ඉඩමක් ලබාදීම 3. මේ වන විට පාඩු ලබමින් තිබෙන රජයේ වතු, වතු කම්කරුවන්ගේ අයිතිය සහිත නිෂ්පාදන සමුපකාර යටතට පැවරීම. ඒ සදහා අවශ්‍ය සහාය හා පුහුණුව රජය මගින් ලබාදීම.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger