Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Powered by Blogger.
Latest Post

People’s Forum

Written By Joining Hands Network on Saturday, June 8, 2024 | 10:24 AM

On May 21, a People’s Forum for the Sustainable Infrastructure Community was launched at Kulakottam Hall in the Trincomalee District. During the event, participants were mobilized on the mission, objectives, and activities of the Alliance for Sustainable Infrastructure (ASI) by ASI convener Samantha Abeywickrama and NAFSO/Praja Abhilasha coordinator Priyankara Costa.They had to appointe two chair persons but we could appointe one from civil society organizations Nishaka Rangani.Other one we will plan to appointe from Government setor or Business sector.Rest of the team appointed from Media ,Women,Environment ,Fisheries ,Fort and transport sector. They decided 04 actions within May and June. 01.Get the projects plan information though RTI /ASI promised to support . 02.Follow up getting the discussion with District secretary. 03.Published the Trincomalee People Forum though media.. 04.Plan out the sectorial discussion. #joinhandsaginsthunger #nafsosrilanka #LandRightsNow

01 of May

01 of May Lets protect our land rights Lets protect our labour Rights Lets Protect fisheries rights Lets protect women rights Campaign against IMF Campaign against ATA,PTA,Online seafty act, and proposed Fisher act. Trade Unions ,Civil Society Organizations and Human rights activists celebrated May day protest and Rally at Colombo.More than 6000 thousand people participated the event. PrajaAbhilasha Network team also joined this rally #joinhandsaginsthunger #LandRightsNow #nafsosrilanka #unity #ProtectLabourRights

Land Rights Now

#joinhandsaginsthunger #LandRightsNow #nafsosrilanka වෙන්කර ඇති තණ බිම් ගැසට් කර අයිතිය තහවුරු කර ගැනීම සිහිනයක් වෙයිද?මෛලෙත්තිමඩු ගොවි ජනතාවගේ සත්ව පාලන අයිතිය තහවුරු කර ගැනීම සඳහා ගෙනයන අරගලයට අද වන විට දින 279 ක් වේ.ගොවීන් සමග මූලික සාකච්ඡාවක් ඔවුන්ගේ අරගල භූමියේදී ඊයේ දවසේදී සිදුවිය.අද වන විට පවතින තත්ත්වය සහ ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉදිරි වැඩපිළිවෙලේදී ප්‍රධානම කාර්යභාරය වූයේ දැනට සිතියම් ගත කර යෝජිතව ඇති තණ බිම් ගැසට් කර අයිතිය තහවුරු කර ගැනීමයි.ඒ වෙනුවෙන් ගොවියන්ට කළ හැකි කාර්යය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුවිය.බොහෝ පිරිස් සමග සිදු කළ සාකච්ඡාවලින් අපට පැහැදිලි වූයේ මෙම ජනතාව බොහෝ අංශ විසින් රැවටීමකට ලක් කර ඇති බවයි. අපට සොයාගත යුතු කරුණු කීපයක් ඇත. - මෙම ඉඩම් ප්‍රමාණයේ මහවැලි බී කලාකට අයත්ද? - වන් රක්ෂණ ඉඩම් ලෙස දැනටමත් මේවා ගැසට් කර තිබේද? - මහවැලියට පවරාගෙන පසුව ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබාදීමට සැලසුමක් තිබේද? මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සහ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයක් අපට දැනුනි

වැඩකරන ජනතාවගේ මැයි දින ප්‍රතිඥාව - 2024

වැඩකරන ජනතාවගේ මැයි දින ප්‍රතිඥාව - 2024 අයිතීන් උදෙසා එක්වෙමු - ජන පීඩනය හා මර්දනය පරදමු - ස්වාධීන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධානවල මැයි රැළිය චිකාගෝහි කම්කරුවන්, 1886 මැයි 04 වැනිදා හේමාකට් චතුරශ්‍රයේ විරෝධතාවක් පැවැත්වුවේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා සිටිමින්ය. එහෙත්, පොලීසියේ හිත්පිත් නැති ප්‍රහාරවලට මුහුණදුන් කම්කරුවන්, එදින සිය ජීවිත කැප කරමින්, ශරීරයම ඇපයට තබමින් පැය අටේ වැඩ දිනය යථාර්තයක් බවට පත් කළේය. ශ්‍රී ලංකාවේත්, ලෝකයේත් සියලු කම්කරුවන් පැය අටක වැඩ දිනය භුක්ති විඳින්නේ අපගේ පූර්වගාමීන්ගේ ඒ අරගල සහ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් අද අප කාලයේ විෂම චක්‍රයක් සම්පූර්ණ කරන්නේ ලාංකික රජය සහ සේවා යෝජකයන් එක්ව ඒකීය කම්කරු නීතියකට මුවා වී පැය අටේ වැඩ දිනය ඇතුළු උත්තරීතර කම්කරු අයිතීන් නව කම්කරු නීතියක් කෙටුම්පත් කරමින් සිටින මොහොතකය. මෙම මැයි දිනයේදී වැඩකරන ජනතාව ලෙස අපි අපව පාලනය කරනු ලබන ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව විසින් එල්ල කරනු ලබන දැවැන්ත ප්‍රහාරයකට මුහුණදෙමින් සිටින්නෙමු. ව්‍යාපාරික ප්‍රභූන්ගේ සහ දේශපාලන බලවතුන්ගේ දූෂණවලට වන්දි ගෙවීමක් ලෙස අපගේ ඉතුරුම් කොල්ලකමින් සිටී. අපගේ ස්වාභාවික සම්පත්, ඉඩම් සහ මුහුදු මෙන්ම වැඩකරන ජනතාවගේ වෙහෙස මහන්සියෙන් සහ බදු මුදලින් ගොඩනැගූ විදුලිබලය, බැංකු, ටෙලිකොම්, රක්ෂණ, දුම්රිය, තැපැල් සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාල ඇතුළු පොදු සම්පත් පුද්ගලික ලාභ වෙනුවෙන් විකුණා දමමින් සිටින්නේ අපගේ විරෝධයද නොතකමිනි. අපගේ පැවැත්මෙහි මූලස්ථම්භයන් වූ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය අහවර කරමින් සිටින්නේය. ලාංකේය රජය අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය සහ යහපත් ජීවන තත්වයකට ප්‍ර වේශ වීමත් අපට අසීරු වන තැනට පත් කරමින් සිටී. අපගේ වැටුප් සහ ආදායම් පාෂාණිභූත වී තිබේ. වංචනික පුද්ගලික ව්‍යාපාරිකයන් සහ අපගේ සේවා යෝජකයන් අද අපගේ ශ්‍රමය සහ සේවාවන් උදුරා ගන්නේ සාධාරණ වැටුපක් අප අතට පත් නොකරමිනි. පුද්ගලික ණය හිමියන්ගේ වුවමනා මත ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල්- රාජපක්ෂ දෑත් ශක්තිමත් කරමින් සිටින්නේ අපගේ ආර්ථිකය සහ සමාජය කඩා බිඳ වනසා හෝ ණය ගෙවා දැමීමටය. සාධාරණ ණය නොව, පොදු ජන සේවයට නොයොදා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ මසුරුකම් වෙනුවෙන් ලබා ගත් පිළීකුල් සහගත කොල්ලකාරී ණය ගෙවා දැමීමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, රජය සහ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අයුක්ති සහගත ස්වභාවය ගැන කිසිදු අවබෝධයක් පෙන්වන්නේ නැත. ඔවුහු ඉල්ලා සිටින්නෝ, අපගේ විශ්‍රාම වැටුප් හරහා දේශීය ණය ප්‍රතිව්‍යුහගකරණයත්, අපගේ වැටුප් මත අධික බදු බර පැටවීමත්, අපේ ශ්‍රමය සූරාකෑමට ප්‍රාග්ධනයට ඉඩහසර සැලසීම සහ අපගේ ජාතික ධනය අත්හැර දැමීඹ ආදියෙන් සම්පූර්ණ බර වැඩකරන ජනතාවට දරන ලෙසය. එයට එරෙහි වෙමින් මහපාරේ සටන තෝරාගන්නා අප රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නෙමු. අපගේ විරෝධයතා තලා පෙළා දැමීමට ඔවුහු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත ආදී නව මර්දන ව්‍යුහයන් නිර්මාණය කරති. ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහිව දියත් කර ඇති ජන සංහාරක යුද්ධය ද මේ මැයි දිනයේදී අපි සිහිපත් කරන්නෙමු. නව ලෝක අධිරාජ්‍යයවාදයක් පලස්තීන ජන සංහාරය සම්පූර්ණ කිරීම සඳහා පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය ලබා දෙමින් සිය මැද පෙරදිග මිලිටරිමය සහ ආර්ථිකමය ආධිපත්‍යය තහවුරු කිරීමේ පූර්ණාපේක්ෂාවෙන් ඊශ්‍රායලය පුපස සිටී. එම අයුක්තියට එරෙහිව ලෝ පුරා රැල්ලක් ලෙස නැගී එමින් වැඩ කරන ජනතාව දිගින් දිගටම පලස්තීනයට ලබා දෙන සහයෝගයත් ජනඝාතක යුද්ධයට දක්වන ප්‍රතිරෝධයත් අපි සිහියේ තබා ගන්නෙමු. අපගේ චින්ත සන්තානයන්හි සනිටුහන් කර ගන්නේ චිකාගෝහි හේමාකට් අරගලය මෙන්ම එයින් පසු දශක ගණන් තිස්සේ පැවති විරෝධතා ඔස්සේ අයිතිවාසිකම් දිනා ගනිමින් ඉදිරියට යන, වැඩකරන ජනතාවගේ ප්‍රතිරෝධයට, නව ලිබරල් රාජ්‍ය පීඩනය සහ නව අධිරාජ්‍යවාදී ආර්ථික ව්‍යුහයන් සෑම විටම මුහුණ දෙන බවය. මෙම මැයි දිනයේදී, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය සහ කුලය යනාදී සකලවිධ අනන්‍යතාවන් හේතුවෙන් අප අතර පවතින අසමානතා අනුදැක ඊට එරෙහිව සටන් කිරීමට ප්‍රතිඥා දෙමින් අපි එක් වෙමු. වැඩකරන ජනතාව අත්හැර දමා ඇති ගෝලීය පාලනාධිකාරියටත්, නව ලිබරල් රාජ්‍යයටත් අරගල කිරීමටත අදිටන් කරගනිමින් අපි පහත ප්‍රතිඥාවන් ලබා දෙන්නෙමු. 01. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත පුද්ගලික ණය හිමියන්ගේ අභිලාෂයන්ට සේවය සපයන්නා වූ ආර්ථිකයක් වෙනුවට වැඩකරන ජනතාවගේ සුභසාධනය උදෙසා ගොඩනැගූ ආර්ථිකයක් වෙනුවෙන් සටන් කිරීමට; අපගේ රාජ්‍යය බංකොළොත් කළ සහ අපගේ ධනය කොල්ලකෑ පාර්ශ්වයන් වගකීමට බැඳ තැබීමට; 02. පිළිකුල් සහගත ණය ගෙවීමට පුද්ගලික ණය හිමියන් හා රහසේ ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව සටන් කිරීමට; 03. ඊපීඑෆ් මංකොල්ලයට, වැඩකරන ජනතාව මත පැටවූ අසාධාරණ උපයන විට ගෙවීමේ බදු සහ වැට් බදුවලට එරෙහිව සටන් කිරීමට; ධන බද්දක් හා ආනයන අපනයන සමාගම් ශ්‍රී ලංකාවේ ධනය කොල්ලකෑමට එරෙහි මූල්‍ය පාලනයන් ඇති කිරීම වෙනුවෙන් සටන් කිරීමට; 04. යෝජිත තනි කම්කරු නීතිය සම්මත කරමින් දැනට පවතින කම්කරු ආරක්ෂණයන් හකුළා දැමීමට එරෙහි වීමට; කම්කරුවා රකිමින් ආයතන මෙන්ම ගෘහ සේවකයන්ට නිවාස තුළදී සිදුවන හිංසනයන්ට එරෙහි වන සාධාරණ කම්කරු නීති වෙනුවෙන් සටන් කිරීමට; අවදානම් සහගත සහ කොන්ත්‍රාක්ගත වූ සේවයන් උදෙසා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හාම්පුතුන්ගේ ලාභය යෙදාගනිමින් ඇති කිරීමට; සේවායෝජකයන්ගේ බාධා නොමැතිව වෘත්තිය සමිතිගත වීමේ අයිතිවාසිකම තහවුරු කර ගැනීමට; 05. වතු කම්කරු ජනතාවට රුපියල් 2000ක හෝ අවම වැටුපක්, යෝග්‍ය නිවසක් සහ ඉඩමක් දිනා ගැනීමට; හාමත් වැටුපක් නොව ජීවත් විය හැකි අන්දමේ වැටුපක් සමස්ථ වැඩකරන ජනතාවට දිනා ගැනීමට; 06. රැකියා අහිමි වූ වැඩකරන ජනතාව වෙනුවෙන් සේවායෝජකයන් ලබා දෙන වන්දි මුදලක් වෙනුවෙන් සටන් කිරීමට; 07. සියලු ජනතාව වෙනුවෙන් සමාජ සුභසාධනය ලබා නොදී කප්පාදු කොට එය ලබාදීමේ වගකීම පැහැරහැරීමට එරෙහිව සටන් කිරීමට; 08. යුද්ධවල පැටලී සිටින ඊශ්‍රායලය ආදී රටවල් වෙත කම්කරුවන් යවමින් ජනඝාතක යුද්ධයන්ට සහයෝගය දැක්වීම හා යුක්ති සහගත සහ ආරක්ෂිත වැටුප් තහවුරු කිරීමට අසමත් රටවල් වෙත කම්කරුවන් යැවීම අරභයා විරෝධය දැක්වීමට; 09. අපගේ ධීවරයන්ට කිසිදු බාධකයකින් තොරව මුහුදු යෑමට අයිතිය තහවුරු කිරීමට; අපගේ ධීවර සාගර සම්පත් හා ඉඩම් විදේශීය බලහත්කාරයන්ගෙන් රැකගනිමින් සුළු පරිමාණ ධීවරයන්ට හා ගොවීන්ට සුරක්ෂිත කිරීමට; ගොවීන් නිෂ්පාදනය කරන ආහාරවලට සාධාරණ මිලක් ලබා දීමට; 10. ජනවරමක් නොමැති වූ දූෂිත ජාතික සම්පත් විකිණීමේ පිදේනියට සහ එක්ටා ආදී විදේශ රාජ්‍යයන්ගේ අනුග්‍රහය ලබන පුද්ගලික ප්‍රාග්ධනයට ලාභ උපයා දෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී ගිවිසුම්වලට එරෙහිව විරෝධය දක්වමින් ධීවරයන් සහ ගොවීන් ඇතුළු වැඩකරන ජනතාව සතු වූ සම්පත් අහිමි කරන ක්‍රියාවලියට එරෙහි වීමට; 11. නිදහස් සහ විශ්වීය අධ්‍යාපනයක් ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම්වලදී සුරක්ෂිත කිරීම සහ ප්‍රමිතියෙන් යුත් විශ්වීය නිදහස් සෞඛ්‍යය සියලුදෙනාට ලබා දීම සහ පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් සියලු දෙනාට දිනා දීමට; 12. නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව සටන් කිරීමට; 13. වැඩකරන ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ සහ නිසි සෞඛ්‍යාරක්ෂණය ලබා නොදී නිදහස් සෞඛ්‍ය පද්ධතිය කඩා බිඳ දැමීමට එරෙහි වීමට; 14. මාධ්‍යවේදීන් නිහඬ නොකරන සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි නොකරන පාලනයක් උදෙසා සටන් කිරීම; 2022 ජූලි මාසයෙන් පසුව අසාධාරණ ලෙස සහ නීති විරෝධී ලෙස දඬුවම්වලට ලක් වූ සියලු පුද්ගලයන් ව්‍යාජ චෝදනාවලින් නිදහස් කිරීමට සටන් කිරීම; 15. ප්‍රකාශන නිදහස සීමා කරමින් පාලනය කිරීම උදෙසා වූ ත්‍රස්ත විරෝධී පනත සම්මත කිරීමට එරෙහිවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව උදෙසා පනත අහෝසි කිරීමටත් සටන් කිරීමට; 16. මැතිවරණ පවැත්වීම උදෙසා වූ වගකීම කෙරෙහි රජයට බැඳ තැබීමට; 17. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම උදෙසා රාජ්‍යය ඍජුව සහ වක්‍රව ක්‍රියාත්මක කළ ක්‍රියාවලියට එරෙහිව සත්‍ය සොයාගැනීම උදෙසා වෙහෙසෙන අතුරුදන්වූවන්ගේ පවුල් හා සහයෝගයෙන් සිට ගැනීමට; 18. සමකාමී සබඳතා අපරාධහරණය වෙනුවෙනුත් සමකාමී- සංක්‍රාන්ති සමාජභාවී සමාජයේ ආරක්ෂාව වෙනුවෙනුත් සටන් කිරීමට; 19. අපගේ දරුවන් මන්දපෝෂණයෙන් රැක ගැනීමට සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සාධාරණ සහ සාමූහිකත්වය මත පදනම් වූ ආර්ථික හා සමාජ ආකෘතීන් ගොඩ නැගීමට; 20. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරන ආර්ථිකයක් වෙනුවෙන් සටන් කිරීමට; 21. සියලු ජනකොටස්වලට අයත් වැඩ කරන ජනතාවගේ දේශපාලන අරගල හා මැදිහත් වෙමින් ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීම වෙනුවෙන් සටන් කිරීමට; අප මේ කරගෙන යන සටන අපේ රටේ දේශසීමා තුළ අවසන් නොවන්නේය. ධනයේ නිර්මාතෘවරුන් වූ අපි, බලයේ හිමිකාරීත්වය අප සතු කර ගන්නා වූ ලෝක පාලයක් උදෙසා ලොව පුරා වැඩකරන ජනතාව හා එක්ව සටන් කරන්නෙමු. වැඩකරන ජනතාවට බලය! - එක්වෙමු ස්වාධීන වෘත්තිය සමිති, ගොවි සංවිධාන, ධීවර සංවිධාන සහ බහුජන සංවිධානවලින් සැදුම්ලත් වෘත්තිය සමිති පෙරමුණකි.

කතා කිරීමේ නිදහස සොයාගන්නට අපට දැනටත් අරගල කල යුතුව ඇත.

කතා කිරීමේ නිදහස සොයාගන්නට අපට දැනටත් අරගල කල යුතුව ඇත. තාරකී ඔබ මැරුණා නොව ඔබ මැරුවාය. යුක්තිය සෙවීමට තවදුරටත් අපට අරගල කළ යුතුව ඇත. සහෘදය එන්න පාරට අපගේ හඬ අවදි කර අපේ අයිතිය දිනාගන්නට. මඩකලපුව ගාන්ධි නගර ක්‍රීඩා පිටියේදී මෙම සැමරුම සිදු කරන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කේ මාධ්‍යවේදීන් මෙන්ම කොළඹ මාධ්‍ය මාධ්‍යවේදීන් සහ සිවිසංවිධාන ක්‍රියාදාරීන් මේ සඳහා හවුල් විය.

Main Activities

01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.

Praja Abhilasha Network

Francis Priyankara Costa

Francis Priyankara Costa
National Coordinator of Praja Abhilasha Network

Blog Archive

Partner Organizations of Praja Abhilasha Network

  • 01.National Fisheries Solidarity Movement
  • 02.Rural Womens' Front
  • 03.Tricomalee District Fisheries Solidarity
  • 04.Kaluthara District Fisheries Solidarity
  • 05.Savisthri Womens' Organization
  • 06.Praja Association
  • 07.Paanama Pattu Protection Organization
  • 08.Praja Shakthi Development Foundation
  • 09.Praja Vimukthi Foundation
  • 10.Ruhunu Fisheries Organization (Ruhunu Diriya)
  • 11.District Fisheries Solidarity (DIFSO)
  • 12.Southern Fisheries Organization- Galle
  • 13.United Federation of Labour
  • 14.Ecumenical Institute for Study & Dialogue (EISD)
  • 15.Sri Vimukthi Women’s Organization
  • 16.United Negombo Lagoon Fisher People’s organization.
  • 17.Puttalam District Fisheries Solidarity
  • 18.Southern Fisheries Organization-Matara
  • 19.Miridiya Fisheries Organization
  • 20.Muslim Women Research Action Front
  • 21.Savisthri Womens' Organization-Monaragala
  • 22.Savisthri Womens' Organization-Matale

Steering Committee Members

  • 01.Mr.Francis Priyankara Costa[National Coordinator]
  • 02.Mr.Herman Kumara[President]
  • 03.Mr. Pathmanathan[Vice President]
  • 04.Ms. K Subashini [Treasurer]
  • 05.Mr. Francis Raajan
  • 06.Mr.Ishaiden
  • 07.Mr. Channa Silva
  • 08.Mrs.K.P.Somalatha
  • 09.Mr.Shashikaran
  • 10.Mrs.Devapriya
  • 11.Mr.Anthony
  • 12.Mr.Vasikaran
  • 13.Mr.Inbanayagam
  • 14..Mr .Benedict Croos
  • 15.Mr.Sahan Isanka
  • 16.Mr.Sanjeewa Sampath Jayawardana
  • 17.Mr. Manoj Silva
  • 18.Mr.Mohammed Raheem
  • 19.Mr.J.Hema Munipura
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger