Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » මානව හිමිකම් ආරක්ෂකයින් සඳහා ඉඩම් නීති හා මූලික නීතිමය පසුබිම පිළිබඳව පිළිබඳ පුහුණු වැඩමුළුව.

මානව හිමිකම් ආරක්ෂකයින් සඳහා ඉඩම් නීති හා මූලික නීතිමය පසුබිම පිළිබඳව පිළිබඳ පුහුණු වැඩමුළුව.

Written By Joining Hands Network on Wednesday, November 8, 2023 | 12:59 AM

මෙම පුහුණු වැඩමුළුව ප්‍රධාන අරමුණු තුනක් යටතේ ක්‍රියාත්මක කරන ලදී. 01. රටේ පවතින මූලික නීතීන් සහ අයිතිවාසිකම් පිළිබඳව දැනුමෙන් පෝෂණය කිරීම හා ඉඩම් නීති රීතීන් සහ ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳව මෙම කණ්ඩායමේ දැනුම වර්ධනය කිරීම. 02.මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස මෙන්ම paralegal කෙනෙක් විදියට කෙසේ ක්‍රියා කළ යුතුද පිළිබඳව දැනුම ලබාදීම.එමෙන්ම මෙටා legal පිළිබඳව අවබෝධය ලබා දී මහජන උද්දේශන ක්‍රියාවලියක නිරත වීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට සහ භාගික යන්ට හැකියාව ඇති කිරීම. 03.මහජන ව්‍යාපාරයකදී භාවිතා කළ හැකි උපක්‍රම සහ ක්‍රියාකාරකම් ගොඩනඟා ගොඩනඟා ගැනීමට මඟ පෙන්වීම. ඉහත අරමුණු මුල් කරගනිමින් මාලබේ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී මැයි මස 26,27 සහ 28 දෙදින තුළදී මෙම පුහුණුව ලබා දෙන ලදී.එම පුහුණුව සඳහා දිස්ත්‍රික්ක නමයකින් තෝරාගත් තරුණ, කාන්තා සහ ඉඩම් ගැටලු පිළිබඳව ක්‍රියාකාරී වූ වැඩ කටයුතු කළ නායකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගන්නා ලදී. සමස්ත වැඩමුළුවේ සම්පත් දායකත්වය බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, නීතිඥයන් sampath pushpakumara,නීතිඥ ravindra sumathipala, ප්‍රජා අභිලාෂ සම්බන්ධීකාරක පියංකර කොස්තා. සපයන ලදී. රට තුළ පවතින වර්තමාන තත්ත්වය ,සමාජ දේශපාලන අර්බුදයන්,රට යන දිසාව ,ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු පදනම් කරගනිමින් මූලික අවබෝධයක් පළමුවන දින ලබා දෙන ලදී.ඒ අතරම paralegal සහ මෙටා legal පිළිබඳව අවබෝධය ලබාදීම ද එදිනම සිදු කරන ලදී. ඉන් පසුව මූලික නීති රීති සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කළ අතරම ඉඩම සහ ඉඩම් නීති පිළිබඳව මග පෙන්වීමක් ලබා දෙන ලදී.අවසාන දිනයේ දී දිනයේ දී මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ඔහු තුළ තිබිය යුතු ලක්ෂණයන් හා පැමිණිය හැකි අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කළ අතර සෑම අයෙක්ම එක් සිද්ධියක් පදනම් කරගනිමින් වැඩ සැලසුම් සකස් කර ගැනීම සිදු කරන ලදී.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger