Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » තිරසර යටිතල පහසුකම් සඳහා වන ප්‍රජා සංසදය පිහිටුවීම.

තිරසර යටිතල පහසුකම් සඳහා වන ප්‍රජා සංසදය පිහිටුවීම.

Written By Joining Hands Network on Saturday, June 8, 2024 | 10:04 AM

තිරසර යටිතල පහසුකම් සඳහා වන ප්‍රජා සංසදය පිහිටුවීම. පසුගිය වසර විස්ස තුළ රට තුළ සංවර්ධනයේ නාමයෙන් ක්‍රියාත්මක වූ යටතල පහසුකම් නිසා බොහෝ පිරිස් වල තම ජන ජීවිතය, තමන්ගේ ජීවන උපායන්,බිඳ වැටී අද වන විට දැවැන්ත ණය උගුලකට මුළු රටම පත්ව ඇත.මේවාට බොහෝ හේතු කාරණා ඇතත්, බලධාරීන්,නිලධාරීන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සිදු කල අක්‍රමිකතා නිසා ජනතාව විශාල පීඩනයකට පත්ව ඇත. මේ තත්ත්වයන් තුළ මේ පිළිබඳව කතා කරන ප්‍රජාව සම්බන්ධ වන සංසදයන් ගොඩනැගීමේ අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිරසර යටිතල පහසුකම් සඳහා වූ සන්ධානයේ මග පෙන්වීම මත මෙම සංසදය ගොඩනැගීමේ මූලික සාකච්ඡාවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2024 මාර්තු මස 26 දින ත්‍රිකුණාමල නගරයේ කුලකෝට්ටම් ශාලාවේදී පවත්වන ලදී.මේ සඳහා තිරසර යටිතල පහසුකම් සඳහා වූ සන්ධානයේ කැඳවුම්කරු සමන්ත වික්‍රමසිංහ මහත්මාත් සහභාගී වූ අතර , ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රියංකර කෝස්තා,සිවිල් සංවිධාන නියෝජිතයින්,ධීවර නායකයින්, කාන්තා නායකයින් සහ ව්‍යාපාර ප්‍රජාව අතුලුව 23 දෙනෙකු සහභාගි වූ අතර සාකච්ඡාව අවසානයේ පහත් සඳහන් තීන්දු ගනු ලැබීය. 1. සංසදයක් ගොඩනැගීම අනිවාර්යයෙන් කළ යුතු බව සියලු දෙනාගේම එකඟතාවය විය. 2. සංසදය පුළුල් කර ගැනීම සඳහා අනිකුත් ක්ෂේත්‍රවල විද්වතුන්ද හවුල් කර ගැනීමට එකඟතාවය පළවිය.එහි වගකීම පැමිණ සිටි පිරිස් භාරගන්නා ලදී. 3.දැනටම සාකච්ඡා කර ඇති දිස්ත්‍රික් ලේකම්තුමා සමග සාකච්ඡාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. 4.දැනට ඉන්න කණ්ඩායම හරහා what app group එකක් ගොඩනැගීමට එකඟතාවය පළකරන ලදී. 5.ASI හරහා මුද්‍රණය කර ඇති පත්‍රිකා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් ඉල්ලීමටද යෝජනා විය. 6.සංසදයේ නිසියාකාරව ගොඩනැතෙක් සම්බන්ධීකරණය සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකට පවරන ලදී. මීළඟ එකතුව මැයි මාසයේ මුල සතියේ පැවැත්වීමට තීන්දු කරන ලදී. මෙම වැඩසටහන සූදානම් කිරීම ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් කණ්ඩායම් විසින් සිදු කරන ලදී.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger