Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » Land Rights Now

Land Rights Now

Written By Joining Hands Network on Saturday, June 8, 2024 | 10:20 AM

#joinhandsaginsthunger #LandRightsNow #nafsosrilanka වෙන්කර ඇති තණ බිම් ගැසට් කර අයිතිය තහවුරු කර ගැනීම සිහිනයක් වෙයිද?මෛලෙත්තිමඩු ගොවි ජනතාවගේ සත්ව පාලන අයිතිය තහවුරු කර ගැනීම සඳහා ගෙනයන අරගලයට අද වන විට දින 279 ක් වේ.ගොවීන් සමග මූලික සාකච්ඡාවක් ඔවුන්ගේ අරගල භූමියේදී ඊයේ දවසේදී සිදුවිය.අද වන විට පවතින තත්ත්වය සහ ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉදිරි වැඩපිළිවෙලේදී ප්‍රධානම කාර්යභාරය වූයේ දැනට සිතියම් ගත කර යෝජිතව ඇති තණ බිම් ගැසට් කර අයිතිය තහවුරු කර ගැනීමයි.ඒ වෙනුවෙන් ගොවියන්ට කළ හැකි කාර්යය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුවිය.බොහෝ පිරිස් සමග සිදු කළ සාකච්ඡාවලින් අපට පැහැදිලි වූයේ මෙම ජනතාව බොහෝ අංශ විසින් රැවටීමකට ලක් කර ඇති බවයි. අපට සොයාගත යුතු කරුණු කීපයක් ඇත. - මෙම ඉඩම් ප්‍රමාණයේ මහවැලි බී කලාකට අයත්ද? - වන් රක්ෂණ ඉඩම් ලෙස දැනටමත් මේවා ගැසට් කර තිබේද? - මහවැලියට පවරාගෙන පසුව ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබාදීමට සැලසුමක් තිබේද? මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සහ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයක් අපට දැනුනි
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger