Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Powered by Blogger.
Latest Post

Two-day Paralegal Training – Negombo

Written By Joining Hands Network on Sunday, March 1, 2026 | 6:07 AM

“මෙම PSTA පනත සම්මත වුවහොත් අපේ අයිතිය ඉල්ලා එක වචනයක්වත් ප්‍රකාශ කිරීමට නොහැකි විය හැකි බව, මෙහි අඩංගු 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 සහ 72 යන වගන්ති හරියට කියවූ විට පැහැදිලි වේ.” 📌 Paralegal දෙදින පුහුණු වැඩමුළුව – මීගමුව 📍 NAFSO පුහුණු මධ්‍යස්ථානය 🗓️ 2026 ජනවාරි 17 සහ 18 Paralegal ක්‍රියාකාරීන් 35 දෙනෙකුගේ සක්‍රීය සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩමුළුව සාර්ථකව පැවැත්විණි. 🔹 පුහුණු වැඩමුළුවේ ප්‍රධාන අරමුණු ▪️ 2025 වර්ෂයේ Paralegal වැඩසටහන් ඇගයීම ▪️ PSTA (ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) පිළිබඳ නීතිමය දැනුම වර්ධනය කිරීම ▪️ වත්මන් ජාතික අර්බුදය සහ Paralegal ක්‍රියාකාරීන්ගේ වගකීම් අවබෝධ කරගැනීම ▪️ 2026 වර්ෂය සඳහා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාමාර්ග සැලසුම් සකස් කිරීම 2025 වර්ෂයේ සිදුකළ වැඩකටයුතු ඇගයීමෙන් අනතුරුව, 📖 PSTA පනතේ ප්‍රධාන අන්තර්ගතය, ⚠️ එය පුරවැසියන් සහ ක්‍රියාකාරීන්ට ඇති බලපෑම්, 🛡️ නීතිමය ආරක්ෂාවන් සහ ප්‍රතිචාර යන කරුණු පිළිබඳ ගැඹුරු දැනුවත් කිරීම සිදු කරන ලදී. ඉන් අනතුරුව, 🇱🇰 රටේ වත්මන් අර්බුදය සහ සමාජ–දේශපාලන තත්ත්වය පිළිබඳ අවබෝධය වර්ධනය කරමින්, ⚖️ Paralegal භූමිකාව,අභියෝග සහ ඒවාට මුහුණණ දීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙන ලදී. 🗂️ අවසානයේ 2026 වර්ෂය සඳහා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාමාර්ග සැලසුම් සකස් කිරීම සිදු විය. 🙏 මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය හර්මන් කුමාර මහතා, නීතිඥ රවින්ද්‍රා සුමිතිපාල මෙනවිය සහ ප්‍රියංකර කෝස්තා මහත්මා විසින් ලබා දෙන ලදී. ✊ අයිතිවාසිකම් රැකගැනීමේ අරගලයේ Paralegal බලය ශක්තිමත් කරමු! “PSTA சட்டம் நிறைவேற்றப்பட்டால், எங்கள் உரிமைகளை கோரி ஒரு வார்த்தையும் பேச முடியாத நிலை உருவாகும் என்பதை, அதில் உள்ள 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 மற்றும் 72 ஆகிய பிரிவுகளை வாசிக்கும் போது தெளிவாகிறது.” 📌 Paralegal இரு நாள் பயிற்சி – நீர்கொழும்பு 📍 NAFSO பயிற்சி மையம் 🗓️ 2026 ஜனவரி 17 & 18 35 Paralegal செயற்பாட்டாளர்களின் பங்கேற்புடன் பயிற்சி வெற்றிகரமாக நடைபெற்றது. 2025 செயற்பாடுகள் மதிப்பீடு, PSTA சட்ட விழிப்புணர்வு, தற்போதைய தேசிய நெருக்கடி, Paralegal பொறுப்புகள் மற்றும் 2026 மாவட்ட செயல் திட்டங்கள் இதில் கவனம் செலுத்தப்பட்டது. ✊ உரிமைகளை பாதுகாக்க Paralegal சக்தியை வலுப்படுத்துவோம்! “If the PSTA is enacted, it becomes clear—after carefully reading Sections 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 and 72—that even expressing a word to claim our rights may not be possible.” 📌 Two-day Paralegal Training – Negombo 📍 NAFSO Training Centre 🗓️ 17–18 January 2026 With 35 paralegal activists, the training reviewed 2025 activities, strengthened legal awareness on the PSTA, discussed the current national crisis and paralegal responsibilities, and developed district-level action plans for 2026. ✊ Strengthen paralegal power to protect people’s rights!

ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය සම්බන්ධ සාකච්ඡාව

දිනය: 2026 ජනවාරි 12 ස්ථානය: ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහභාගී වූ පාර්ශවයන් 2026 ජනවාරි 12 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහින්ද ජයසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්, වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙම සාකච්ඡාව සඳහා වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුව නියෝජනය කරමින් මීගමුව කටාන සිදුව වත්තල ජාඇල කටුනායක යන ප්‍රදේශවල ජනතා නායකයින් ගරු ක්‍රිස්ටින් සොයුරිය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී වූහ. සාකච්ඡාවේදී ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු සාකච්ඡාව අමතමින්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පහත කරුණු අවධාරණය කළේය. “ඉඩමක් නොමැති අයට ඉඩම් ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහසු කාර්යයක් නොවේ. ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් රජයේ ඉඩම් පවතින අතර, එම නිසා මෙය විසඳා ගැනීම සඳහා විධිමත් හා දිගුකාලීන සැලැස්මක් සකස් කළ යුතුය. මෙය දවසකින් දෙහෙකින් අවසන් කළ හැකි කාර්යයක් නොවුවද, ඔබගේ ගැටලුව අහක දාන්නට අපේ කිසිදු අදහසක් නැහැ. දැනටමත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුළ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.” එමෙන්ම, කුලී නිවෙස්වල ජීවත් වන ජනතාව නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු මෙසේ අදහස් පළ කළේය. “අපි පරම්පරා තුනක් පුරා අරගල කළා. තවත් පරම්පරාවක් යනතුරු බලන් ඉන්න වෙයිද කියලා අපිට බයයි.” සාකච්ඡාව අවසානයේ ගත් තීන්දු දිගු සංවාදයකින් අනතුරුව, වාසස්ථාන ගැටලුව විසඳා ගැනීම සඳහා පහත තීන්දු හා යෝජනා සම්මත කරගනු ලැබිණි. නිවාස අමාත්‍යවරයා සමඟ නැවත සාකච්ඡාවක් වාසස්ථාන ගැටලුව සම්බන්ධයෙන් නිවාස අමාත්‍යතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වූ අතර, එම සාකච්ඡාව සංවිධානය කිරීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා භාරගත්තේය. කුලී නිවෙස් ගැටලුව සඳහා විශේෂ ක්‍රියාමාර්ග කුලී නිවෙස්වල පවතින ගැටලු පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර, එම කරුණු දිස්ත්‍රික් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට එකඟ විය. එමෙන්ම, විද්වතුන් සහිත විශේෂ කමිටුවක් පිහිටුවීමටද යෝජනා විය. ඉඩම් අයිතිය සහ නීතිමය ලේඛන ලබාදීම කඩිනම් කිරීම වත්තල, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශවල ඉඩම් සඳහා අයිතිය බලපත්‍ර සින්නක්කර ඔප්පු ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමට යෝජනා විය. ජනතා සහභාගීත්වය සහතික කිරීම හදිසි මට්ටමේ හෝ දිස්ත්‍රික් මට්ටමේ සිදුකරන විශේෂ සාකච්ඡාවලදී ජනතාව සෘජුව හවුල් කරගෙන කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අවස්ථා ලබාදෙන බවත් එකඟතාවයකට පැමිණියහ. ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම මෙම සාකච්ඡාව කතාබහට පමණක් සීමා නොකර, ඉදිරියේදී ගන්නා පියවරයන්ගේ ප්‍රගතිය මැන බැලීම සඳහා නිරන්තර අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 2026 ஜனவரி 12 அன்று கம்பஹா மாவட்ட செயலகத்தில், தொழிலாளர் துணை அமைச்சர் மற்றும் கம்பஹா மாவட்ட ஒருங்கிணைப்புக் குழுத் தலைவர் மகிந்த ஜயசிங்க அவர்களின் தலைமையில் வீட்டு உரிமை தொடர்பான கலந்துரையாடல் நடைபெற்றது. வீட்டு உரிமைக்கான மக்கள் கூட்டமைப்பை பிரதிநிதித்துவப்படுத்தி நீர்கொழும்பு, கட்டானா, சீதுவ, வத்தளை, ஜா-எலா மற்றும் கட்டுநாயக்க பகுதிகளைச் சேர்ந்த மக்கள் தலைவர்கள் மற்றும் சகோதரி கிறிஸ்டின் உட்பட சிவில் சமூக பிரதிநிதிகள் இதில் கலந்து கொண்டனர். கம்பஹா மாவட்டத்தில் நிலமற்றவர்களுக்கு நிலம் வழங்குவது அரச நிலங்கள் குறைவாக இருப்பதால் கடினமானது என துணை அமைச்சர் தெரிவித்தார். இருப்பினும், இந்த பிரச்சினை புறக்கணிக்கப்படாது என்றும், மாவட்ட அபிவிருத்திக் குழுவில் இது குறித்து ஏற்கனவே கலந்துரையாடப்பட்டு வருவதாகவும் அவர் உறுதியளித்தார். கலந்துரையாடலின் முடிவில், வீடமைப்பு அமைச்சர் உடன் மேலதிக பேச்சுவார்த்தை நடத்த, வாடகை வீட்டு பிரச்சினைகளுக்காக விசேட குழு அமைக்க, நில உரிமை மற்றும் சட்ட ஆவண நடவடிக்கைகளை விரைவுபடுத்த, எதிர்கால கலந்துரையாடல்களில் மக்கள் பங்கேற்பை உறுதி செய்ய, எடுக்கப்படும் நடவடிக்கைகளின் முன்னேற்றத்தை கண்காணிக்க என தீர்மானிக்கப்பட்டது. A discussion on housing rights was held on 12 January 2026 at the Gampaha District Secretariat, chaired by Deputy Minister of Labour and Chairman of the Gampaha District Coordinating Committee, Mr. Mahinda Jayasinghe. Community leaders from Negombo, Katana, Seeduwa, Wattala, Ja-Ela and Katunayake, representing the People’s Collective for Housing Rights, along with civil society representatives including Sister Christine, participated in the discussion. The Deputy Minister stated that providing land to landless people in the Gampaha District is a challenging task due to the limited availability of state land, and emphasized the need for a systematic and long-term plan. He assured that the issue would not be ignored and that discussions are already ongoing within the District Development Committee. At the conclusion of the meeting, it was decided to: Hold further discussions with the Minister of Housing, Form a special committee to address rental housing issues, Expedite land ownership and legal documentation processes, Ensure people’s participation in future discussions, and Monitor the progress of agreed actions.

Main Activities

01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger