Home »
» Public Protest for Justice for the Easter Sunday Attack Victims
Public Protest for Justice for the Easter Sunday Attack Victims
Written By Joining Hands Network on Monday, September 21, 2026 | 11:16 PM
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා ජනතා විරෝධතාව
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීම සඳහා සෑම මසකම 21 වන දින කටුවාපිටිය බාල්දි හන්දියේදී පැවැත්වෙන ජනතා විරෝධතාවය, සැප්තැම්බර් 21 වන දිනද සුපුරුදු පරිදි පැවැත්විණි.
මෙම විරෝධතාවයේ විශේෂත්වය වූයේ, පාස්කු ප්‍රහාරයට අදාළ නඩු කිහිපයක තීන්දු සැප්තැම්බර් 22 වන දින ලබාදීමට නියමිතව තිබීමයි.
විරෝධතාවයට එක්වූ පිරිස අවධාරණය කළේ, අධිකරණ තීන්දු කුමක් වුවද, පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් වූ ජනතාවට සම්පූර්ණ යුක්තිය හා සාධාරණත්වය ඉටුවන තුරු තම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.
වසර ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යන මෙම නිහඬ ජනතා විරෝධතාවය, සත්‍යය හෙළිදරව් කිරීම, වගකීම තහවුරු කිරීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනතා ඉල්ලීම අඛණ්ඩව ප්‍රකාශ කරන අවස්ථාවක් බවට පත්ව තිබේ.
Public Protest for Justice for the Easter Sunday Attack Victims
As usual, a public protest was held on September 21 at Baaldi Junction, Katuwapitiya, calling for justice and fairness for those who lost their lives in the Easter Sunday attacks.
The protest was particularly significant as several court judgments related to the Easter attacks were scheduled for September 22. The participants emphasized that, regardless of the court decisions, their struggle will continue until justice and fairness are fully delivered to the victims and their families.
ஈஸ்டர் ஞாயிறு தாக்குதலில் உயிரிழந்தவர்களுக்கு நீதி கோரி மக்கள் போராட்டம்
ஈஸ்டர் ஞாயிறு தாக்குதலில் உயிரிழந்த மக்களுக்கு நீதி மற்றும் நியாயத்தை வழங்கக் கோரி, வழக்கம்போல் செப்டம்பர் 21ஆம் தேதி கட்டுவாப்பிட்டிய பால்டி சந்தியில் மக்கள் போராட்டம் நடைபெற்றது.
ஈஸ்டர் தாக்குதலுடன் தொடர்புடைய பல வழக்குகளுக்கான தீர்ப்புகள் செப்டம்பர் 22ஆம் தேதி வழங்கப்படவிருந்த நிலையில், இம்முறை நடைபெற்ற போராட்டம் முக்கியத்துவம் பெற்றது. நீதிமன்றத் தீர்ப்புகள் எவ்வாறு அமைந்தாலும், பாதிக்கப்பட்ட மக்களுக்கும் அவர்களின் குடும்பங்களுக்கும் முழுமையான நீதி மற்றும் நியாயம் கிடைக்கும் வரை தங்களது போராட்டம் தொடரும் என போராட்டத்தில் கலந்துகொண்டவர்கள் வலியுறுத்தினர்.






