Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » Legal clinic conducted 11 of January 2022

Legal clinic conducted 11 of January 2022

Written By Joining Hands Network on Wednesday, February 16, 2022 | 11:03 PM

ත්‍රිකුණාමලය, එරක්කන්ඩි යේ ජීවත්වන නැවත පදිංචි වු සිංහල, දෙමල හා මුස්ලිම් ජනතාවට බලපා ඇති ඉඩම් ගැටලු සඳහා නීති උපදෙස් හා අවශ්‍ය මැදිහත් වීම් කිරිමේ නීති සායනය වාලයුත්තු හී දි පැවැත්විණි. පරිසර හා තෙත්බිම් සුරැකීමේ එකමුතුවේ ලේකම් ප්‍රියන්ත මලවැන්නගොඩ සහෝදරයා ගේ ඉල්ලීමට අනුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් නීතිය හා සමාජ භාරයේ දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි ඊට කල්ලරාව, කුච්චවේලී, එරක්කන්ඩි, පීලීඅඩි, මොරවැව, අග්බෝපුර, කුඹුරුපිටි, සුමේධගම, තිරියාය හා වාලයුත්තු ප්‍රදේශ වල දිගු කාලීනව ඉඩම් ගැටලු වලට මුහුණ දී සිටින ජනතාව එක්වූහ. ✍️ඇතැම් රාජ්‍ය නිලධාරීන් ගේ සහය මත බලපත්‍ර සහිත ඉඩම් සඳහා වෙනත් පාර්ශවයන් වෙත නව බලපත්‍ර සකස් කර තිබීම, ✍️මුල් හිමිකරුවන්ගේ ඉඩම් මා දැල් ව්‍යාපාරිකයකු විසින් වෙනත් පාර්ශව වෙත විකුණා තිබීම හා එකී ඉඩම් සඳහා රජයේ ප්‍රදාන ඔප්පු හිමිව තිබීම, ✍️ දිගු කාලීන ව සංවර්ධනය කල භුක්ති විඳි රජයේ ඉඩම් සඳහා බලපත්‍ර නොදීම නිසා ඇතිව පවතින ගැටලු මේ දක්වා නිරවුල් නොවීම ✍️මෑතකදී වැඩම කරනු ලැබු භික්ෂූන් වහන්සේ නමක් විසින් (1936 වසරේ සිට පදිංචිව සිටි අයකුගේ ඇතුළු ව) සලෙපයාරු හා කල්ලරාව ප්‍රදේශයන්හී ඉඩම් කොටස් දෙකක් අල්ලා ගැනීම. ✍️වගුරු බිම් සඳහා ඔප්පු සැකසී තිබීම හේතුවෙන් ඇතිව පවතින ගැටළු ✍️නැවත පදිංචි මොරවැව ජනයාට, ඉඩම් සංවර්ධනයේ දී ජනපද නිලධාරියකුගේ බාධා කිරීම් ✍️යුද්දය නිසා අතැර දමා ගිය ඉඩම් යුද්දය ට පෙර භුක්ති විඳි එරක්කන්ඩි ජනයා වෙත යලි නොලැබීම හා ඒවා වෙනත් අයවලුන් විසින් යුද්දය නිමාවීමෙන් පසු අල්ලා ගැනීම, රජයේ නිලධාරීන් ඒවා නිරවුල් කිරීමට දක්වන අවම මැදිහත් කම නිසා ඇතිවී ඇති ගැටලු වැනි ගැටලු රාශියක් මෙහිදී ඉදිරිපත් විය.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger