Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » 2023 යෝජිත ධීවර පනත් කෙටුම්පත

2023 යෝජිත ධීවර පනත් කෙටුම්පත

Written By Joining Hands Network on Monday, June 3, 2024 | 6:18 AM

2023 යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳව සහ එයින් ධීවර ජනතාවට සිදුවන බලපෑම පිළිබඳව මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 17 දින ත්‍රිකුණාමලයේ කුලකෝට්ටම් ශාලාවේදී පවත්වන ලදී.ජාතික ධීවර සහයෝගතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා සහ ප්‍රජාභිලාසි සම්බන්ධීකාරක ප්‍රියංකර කෝස්තා මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.මේ සඳහා ධීවරයින්,ධීවර නායකයින්,කාන්තා නායකයින්,තරුණ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් 45 දෙනෙකු සහභාගි විය. මෙම පනත් සහ සංවර්ධන සැලසුම් නිසා සුළුපන්න ධීවරයා කබලෙන් ලිපට වැටෙන බව බොහෝ දෙනාගේම අදහස විය.ධීවර කර්මාන්තය ගැන කිසිදු අවබෝධයක් නැති සුඛෝපභෝගී කාමරවල සිට සදන සැලසුම් සහ ක්‍රියාවන් පිළිබඳව ජනතා විරෝධය ක්‍රියාත්මක කරන බවත් පනත සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඒ සඳහා ඔවුන් විසින් ග්‍රාමීය මට්ටමෙන් හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීමට වගකීම බාරගත් අතර ධීවර පනතට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීමටද ඔවුන් තීන්දු කරන ලදී.එමෙන්ම ධීවර ඇමතිතුමාට සමිති මට්ටමෙන් ලිපි යොමු කිරීමටත් ඔවුන් තීන්දු කරන ලදී. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගය ඉතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක තුමිය විසින් මෙම වැඩසටහන සැලසුම් කර තිබුණි.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger