Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Powered by Blogger.
Latest Post

Mineral Sand Resources Belong to the People – Symbolic Protest Held at Galle Face

Written By Joining Hands Network on Friday, June 19, 2026 | 11:09 AM

Green It has been clearly established through the Eppawala Supreme Court judgment that the State is merely the trustee of the country's natural resources, including mineral sand deposits, and not their owner. Therefore, the government has neither the moral nor legal authority to hand over mineral sand resources and related projects to multinational corporations or private investors while disregarding the concerns and opposition of local communities. In protest against such initiatives, a symbolic demonstration was held today at Galle Face Green. Participants highlighted that mineral sand mining projects could have severe impacts on coastal ecosystems, local livelihoods, and key economic sectors such as fisheries and tourism, which contribute significantly to the national economy. The protesters further emphasized that no government has the right to deprive coastal communities of their livelihoods, access to natural resources, and environmental rights, particularly when such actions threaten the well-being of future generations. Participants also agreed to build a broader public movement in the coming months to raise awareness and mobilize public support against projects that undermine environmental sustainability and community rights. The protest was attended by environmental activists, civil society representatives, fisheries community leaders, youth activists, and members of various people's organizations. ඛනිජ වැලි සම්පත් ජනතා අයිතියකි – ගාලු මුවදොරදී සංකේතාත්මක විරෝධතාවක් රජය කණිජ වැලි ඇතුළු ස්වභාවික සම්පත්වල භාරකරු (Trustee) පමණක් වන අතර එහි අයිතිකරු නොවන බව එප්පාවල නඩු තීන්දුව මඟින් පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එබැවින් ජනතාවගේ විරෝධතා සහ අදහස් නොසලකා හරිමින්, ඛනිජ වැලි සම්පත් ආශ්‍රිත ව්‍යාපෘති බහුජාතික සමාගම් හෝ පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත පැවරීමට රජයට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නොමැති බව විරෝධතාකරුවන් අවධාරණය කළහ. මෙම තත්ත්වයට විරෝධය පළ කරමින්, අද දින ගාලු මුවදොර පිටියේදී සංකේතාත්මක විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කරන ලදී. මෙම විරෝධතාවය තුළින්, ඛනිජ වැලි කැණීම් හා ඒ ආශ්‍රිත ව්‍යාපෘති හේතුවෙන් වෙරළබඩ පරිසර පද්ධති, ජනතාවගේ ජීවනෝපායන් සහ රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයන ධීවර හා සංචාරක කර්මාන්තයන්ට බරපතළ බලපෑම් ඇති විය හැකි බව පෙන්වා දෙන ලදී. එමෙන්ම, වෙරළාශ්‍රිත ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, සම්පත් භාවිතයේ අයිතිය සහ අනාගත පරම්පරාවන්ගේ පාරිසරික අයිතිවාසිකම් බලහත්කාරයෙන් උදුරා ගැනීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් නොමැති බව ද විරෝධතාකරුවන් ප්‍රකාශ කළහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පුළුල් මහජන මතයක් ගොඩනැගීම සඳහා ඉදිරි කාලය තුළ දිවයින පුරා ජනතා සංවිධාන, වෘත්තීයවේදීන් සහ ප්‍රජා කණ්ඩායම් සමඟ එක්ව පුළුල් ජන පෙළගැස්මක් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ විය. මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට පරිසරවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ධීවර ප්‍රජාව නියෝජනය කරන නායකයන්, තරුණ ක්‍රියාකාරීන් සහ විවිධ ජනතා සංවිධානවල නියෝජිතයන් සහභාගී වූහ. கனிம மணல் வளங்கள் மக்களுக்குச் சொந்தமானவை – காலி முகத்திடலில் குறியீட்டு போராட்டம் எப்பாவள வழக்கின் உச்ச நீதிமன்றத் தீர்ப்பில், கனிம மணல் வளங்கள் உட்பட நாட்டின் இயற்கை வளங்களின் உரிமையாளர் அரசு அல்ல; அவற்றின் பாதுகாவலர் (Trustee) மட்டுமே என்பதைக் தெளிவாகக் குறிப்பிடப்பட்டுள்ளது. எனவே, மக்களின் எதிர்ப்புகளையும் கருத்துகளையும் புறக்கணித்து, கனிம மணல் வளங்களையும் அதனுடன் தொடர்புடைய திட்டங்களையும் பன்னாட்டு நிறுவனங்களுக்கும் தனியார் முதலீட்டாளர்களுக்கும் ஒப்படைக்க அரசாங்கத்திற்கு எந்தத் தார்மீக அல்லது சட்டபூர்வ உரிமையும் இல்லை என போராட்டக்காரர்கள் வலியுறுத்தினர். இதற்கு எதிர்ப்புத் தெரிவிக்கும் வகையில் இன்று காலி முகத்திடலில் குறியீட்டு போராட்டம் ஒன்று நடத்தப்பட்டது. கனிம மணல் அகழ்வு திட்டங்கள் கடலோர சூழலியல் அமைப்புகள், மக்களின் வாழ்வாதாரங்கள் மற்றும் நாட்டிற்கு முக்கிய வருமானம் ஈட்டித் தரும் மீன்பிடி மற்றும் சுற்றுலாத் துறைகளுக்கு கடுமையான பாதிப்புகளை ஏற்படுத்தக்கூடும் எனப் போராட்டத்தில் சுட்டிக்காட்டப்பட்டது. மேலும், கடலோர மக்களின் வாழ்வாதார உரிமைகள், இயற்கை வளங்களைப் பயன்படுத்தும் உரிமைகள் மற்றும் எதிர்கால தலைமுறைகளின் சுற்றுச்சூழல் உரிமைகளை பறிக்க எந்த அரசாங்கத்திற்கும் அதிகாரம் இல்லை என்றும் அவர்கள் வலியுறுத்தினர். இந்தப் பிரச்சினை தொடர்பாக மக்களிடையே விழிப்புணர்வை ஏற்படுத்தவும், பரந்த பொதுமக்கள் இயக்கத்தை உருவாக்கவும் எதிர்காலத்தில் விரிவான மக்கள் அணிதிரட்டலை முன்னெடுக்க ஒப்புதல் எட்டப்பட்டது. இந்தப் போராட்டத்தில் சுற்றுச்சூழல் ஆர்வலர்கள், சிவில் சமூக செயற்பாட்டாளர்கள், மீனவர் சமூக பிரதிநிதிகள், இளைஞர் செயற்பாட்டாளர்கள் மற்றும் பல்வேறு மக்கள் அமைப்புகளின் உறுப்பினர்கள் கலந்து கொண்டனர். See less

A New Environmental Law After Two Decades – Awareness Programme

අවුරුදු විස්සකට පසු නව පරිසර පනතක් – දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි 🌱 1980 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජාතික පරිසර පනත හඳුන්වා දෙන ලද අතර, 1998 සහ 2000 වර්ෂවලදී යම් සංශෝධන සිදු විය. ඉන් අනතුරුව වසර ගණනාවක් පුරා පරිසර පනත යාවත්කාලීන කිරීමක් සිදු නොවූ අතර, සිවිල් සංවිධාන, පරිසරවේදීන් සහ විද්වතුන් විසින් දිගින් දිගටම සිදු කළ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙසත්, වත්මන් රජයේ මැතිවරණ පොරොන්දුවක් ලෙසත්, 2026 මැයි මාසයේදී නව පරිසර පනත් කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කර ඇත. මෙම නව පරිසර පනතේ අවශ්‍යතාවය, එය ගොඩනැගිය යුතු ආකාරය, ඇතු@@ළත් විය යුතු මූලධර්මයන් සහ වත්මන් පනතේ ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජුනි 09 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (NAFSO) පුහුණු ශාලාවේදී පැවැත්විණි. මෙහි සම්පත් දායකත්වය පරිසරවේදී සජීව චාමිකර මහතා විසින් ලබා දුන් අතර, දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරමින් තරුණ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සහ ප්‍රජා අභිලාෂ ජාලයේ ක්‍රියාකාරීන් 60 දෙනෙකු සහභාගී වූහ. වැඩසටහන අවසානයේදී සහභාගිවූවන් සඳහා ප්‍රායෝගික පැවරුම් කිහිපයක් යෝජනා කරන ලදී. ඒ අතර, 📚 පරිසරය හා සම්බන්ධ පොත්පත් සහ නීතිමය ලේඛන අධ්‍යයනය කිරීම 📖 පනත් සහ ප්‍රතිපත්ති කියවීම හා අවබෝධ කර ගැනීම 🌿 තම ප්‍රදේශයේ පාරිසරික ගැටලුවක් තෝරාගෙන ඒ පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම යන කාර්යයන් ඇතුළත් විය. පරිසරය සුරැකීම රජයේ පමණක් නොව ජනතාවගේද වගකීමකි. ශක්තිමත් පරිසර පනතක් සඳහා දැනුවත් ජනතා සහභාගීත්වය අත්‍යවශ්‍යය. #Environment #EnvironmentalLaw #ClimateJustice #YouthMovement #PrajaAbhilasha #NAFSO #SriLanka #ProtectNature #EnvironmentalRights #YouthForEnvironment 🌍 🌱 இருபது ஆண்டுகளுக்குப் பிறகு புதிய சுற்றுச்சூழல் சட்டம் – விழிப்புணர்வு நிகழ்ச்சி வெற்றிகரமாக நடைபெற்றது 🌱 1980 ஆம் ஆண்டில் இலங்கையின் தேசிய சுற்றுச்சூழல் சட்டம் முதன்முதலாக அறிமுகப்படுத்தப்பட்டது. பின்னர் 1998 மற்றும் 2000 ஆம் ஆண்டுகளில் சில திருத்தங்கள் மேற்கொள்ளப்பட்டன. அதன்பிறகு பல ஆண்டுகளாக எந்த அரசும் இந்த சட்டத்தை புதுப்பிப்பதற்கான முயற்சிகளை மேற்கொள்ளவில்லை. இருப்பினும், சிவில் சமூக அமைப்புகள், சுற்றுச்சூழல் செயற்பாட்டாளர்கள் மற்றும் கல்வியாளர்கள் தொடர்ந்து மேற்கொண்ட அழுத்தங்களின் விளைவாகவும், தற்போதைய அரசின் தேர்தல் வாக்குறுதியின் ஒரு பகுதியாகவும், 2026 மே மாதத்தில் புதிய சுற்றுச்சூழல் சட்ட வரைவுத் திட்டம் தயாரிக்கப்பட்டுள்ளது. இந்த புதிய சட்டத்தின் அவசியம், அது உருவாக்கப்பட வேண்டிய விதம், அதில் உள்ளடக்கப்பட வேண்டிய அடிப்படை கோட்பாடுகள் மற்றும் தற்போதைய சட்டத்தின் தன்மை ஆகியவற்றை விளக்கும் விழிப்புணர்வு நிகழ்ச்சி 2026 ஜூன் 09 ஆம் தேதி தேசிய மீனவர் ஒற்றுமை இயக்கம் (NAFSO) பயிற்சி மண்டபத்தில் நடைபெற்றது. சுற்றுச்சூழல் ஆர்வலர் சஜீவ சாமிக்கர வளவாளராக கலந்து கொண்டார். 17 மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்திய இளைஞர் இயக்க செயற்பாட்டாளர்கள் மற்றும் பிரஜா அபிலாஷா வலையமைப்பின் 60 செயற்பாட்டாளர்கள் இதில் பங்கேற்றனர். நிகழ்ச்சியின் முடிவில் பங்கேற்பாளர்களுக்கு நடைமுறைப் பணிகள் வழங்கப்பட்டன. அவற்றில், 📚 சுற்றுச்சூழல் தொடர்பான நூல்கள் மற்றும் ஆவணங்களை வாசித்தல் 📖 சட்டங்கள் மற்றும் கொள்கைகளைப் படித்து புரிந்துகொள்ளுதல் 🌿 தங்களது பிரதேசத்தில் உள்ள ஒரு சுற்றுச்சூழல் பிரச்சினையைத் தேர்ந்தெடுத்து தகவல்களைச் சேகரித்து ஆய்வு செய்தல் ஆகியவை அடங்கும். சுற்றுச்சூழலைப் பாதுகாப்பது அரசின் மட்டுமல்ல, மக்களின் பொறுப்பும் ஆகும். வலுவான சுற்றுச்சூழல் சட்டத்தை உருவாக்க விழிப்புணர்வும் மக்கள் பங்கேற்பும் அவசியமாகும். 🌱
Successfully Conducted 🌱 Sri Lanka’s National Environmental Act was first introduced in 1980 and subsequently amended in 1998 and 2000. Since then, no government made a serious effort to update the legislation. However, as a result of sustained advocacy by civil society organizations, environmental activists, and academics, as well as a commitment made by the current government during its election campaign, a draft of a new Environmental Law was prepared in May 2026. An awareness programme was held on 9 June 2026 at the training hall of the National Fisheries Solidarity Movement (NAFSO) to discuss the need for a new environmental law, the process of developing it, the key principles it should incorporate, and the nature and limitations of the existing legislation. The session was facilitated by environmental activist Sajeewa Chamikara. Sixty participants, including youth movement activists and members of the Praja Abhilasha Network representing 17 districts, attended the programme. At the end of the session, participants were encouraged to undertake practical assignments, including: 📚 Reading books and reference materials related to environmental protection 📖 Studying environmental laws and policies 🌿 Identifying a local environmental issue and collecting and analyzing relevant information Protecting the environment is not only the responsibility of the government but also of every citizen. Active public participation and awareness are essential for building a strong and effective environmental law. #Environment #EnvironmentalLaw #ClimateJustice #YouthMovement #PrajaAbhilasha #NAFSO #SriLanka #EnvironmentalRights #ProtectNature #YouthForEnvironment 🌍🍃 See less

In commemoration of World Environment Day,

ලෝක පරිසර දිනය නිමිත්තෙන් ආහාර අයිතිය, ආහාර සංස්කෘතිය හා පරිසර සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව ලෝක පරිසර දිනය නිමිත්තෙන් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඒකාබද්ධ සහභාගීත්වයෙන් ආහාර අයිතිය, ආහාර සංස්කෘතිය සහ ආහාර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කලහගල හරිත රිසෝට්හිදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ස්වයංපෝෂිත ඒකක නියෝජිතයින් 25 දෙනෙකු සහභාගී වූ අතර, පොළොන්නරුව මිරිදිය සංවිධානයේ ව්‍යවසායිකාවක් වන ඒ.එම්. ශානිකා කුමාරි මහත්මිය විසින් තම අත්දැකීම් සහ ආහාර නිෂ්පාදනය, සැකසීම හා සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් පිළිබඳව සහභාගීවන්නන් දැනුවත් කරන ලදී. වැඩමුළුවට සමගාමීව ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. පරිසරය ආරක්ෂා කිරීම සහ අනාගත පරපුර සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කරදීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මෙම වැඩසටහන මිරිදිය සංවිධානය විසින් සංවිධානය කරන ලද අතර, ප්‍රජා අභිලාෂ ජාලය විසින් අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබා දෙන ලදී. ලෝක පරිසර දිනයේ පණිවිඩය "පරිසරය යනු අපගේ ජීවිතයේ පදනමයි. ආහාර, ජලය, වාතය සහ ජීවනෝපායන් සියල්ල පරිසරය මත රඳා පවතී. එබැවින් පරිසරය ආරක්ෂා කිරීම යනු ගස් වැවීම පමණක් නොව, දේශීය ආහාර පද්ධති ශක්තිමත් කිරීම, ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ජීවන රටාවක් ගොඩනැගීම ද වේ. අපගේ පරිසරය සුරැකීම අද අපගේ වගකීමක් වන අතර, හෙට පරපුරට එය ලබා දීම අපගේ යුතුකමකි." "සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නොමැතිව ආහාර සුරක්ෂිතතාවයක් නැත; ආහාර සුරක්ෂිතතාවයක් නොමැතිව සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගිය නොහැක." 🌱🌍🌾
a workshop on food rights, food culture, and food preservation was held at Kalahagala Green Resort with the participation of 25 representatives from self-sufficient units in Kurunegala and Polonnaruwa districts. Ms. A.M. Shanika Kumari, an entrepreneur from the Polonnaruwa Miridiya Organization, shared her experiences and practical approaches with participants. A tree-planting activity was also conducted to mark the occasion. The program was organized by the Miridiya Organization with facilitation support from the Praja Abhilasha Network. Message: "Protecting the environment means protecting our food, health, and future. Let us build a greener future by promoting sustainable food systems and conserving natural resources." 🌍🌱 🌱 உலக சுற்றுச்சூழல் தினத்தை முன்னிட்டு, குருநாகல் மற்றும் பொலன்னறுவை மாவட்டங்களைச் சேர்ந்த சுயநிறைவு அலகுகளின் 25 பிரதிநிதிகள் பங்கேற்ற உணவுரிமை, உணவுப் பண்பாடு மற்றும் உணவுப் பாதுகாப்பு தொடர்பான பயிற்சி முகாம் கலஹகல ஹரித ரிசோர்ட்டில் நடைபெற்றது. பொலன்னறுவை மிரிதிய அமைப்பின் தொழில்முனைவோர் திருமதி A.M. சானிகா குமாரி அவர்கள் தமது அனுபவங்களையும் நடைமுறை செயல்பாடுகளையும் பங்கேற்பாளர்களுடன் பகிர்ந்து கொண்டார். இதனுடன் இணைந்து மரநடுகை நிகழ்வும் நடத்தப்பட்டது. இந்நிகழ்ச்சி மிரிதிய அமைப்பினால் ஒழுங்குபடுத்தப்பட்டதுடன், பிரஜா அபிலாஷா வலையமைப்பு வசதிகள் மற்றும் ஆதரவை வழங்கியது. செய்தி: "சுற்றுச்சூழலைப் பாதுகாப்பது என்பது நமது உணவு, ஆரோக்கியம் மற்றும் எதிர்காலத்தைப் பாதுகாப்பதாகும். நிலைத்துணை உணவு அமைப்புகளை ஊக்குவித்து, இயற்கை வளங்களைப் பாதுகாத்து, பசுமையான எதிர்காலத்தை உருவாக்குவோம்." 🌍🌱 See less

People’s Protest Against Destructive Projects

அபிவிருத்தி” என்ற பெயரில் மக்களின் வாழ்வாதாரத்தை அழிக்கும் திட்டங்களுக்கு எதிரான மக்கள் போராட்டம் “அபிவிருத்தி” என்ற பெயரில் பொன்னாவெளி மற்றும் கீராஞ்சி கிராம சேவையாளர் பிரிவுகளுக்குள் காற்றாலை மின்சார திட்டம், கனிம மணல் அகழ்வு திட்டம் மற்றும் சுண்ணாம்பு கல் அகழ்வு திட்டங்களை செயல்படுத்த அரசு, அதிகாரிகள் மற்றும் சில தேசிய நிறுவனங்கள் திட்டமிட்டுள்ளதாக மக்கள் குற்றம் சாட்டுகின்றனர். இந்த திட்டங்களுக்கு எதிர்ப்பு தெரிவித்து மே 28 ஆம் திகதி வேரவில் முதல் கீராஞ்சி வரை மக்கள் பேரணி மற்றும் எதிர்ப்பு ஆர்ப்பாட்டம் நடைபெற்றது. இதில் உள்ளூர் மக்கள், சிவில் சமூக அமைப்புகள், மதத் தலைவர்கள் மற்றும் சமூக செயற்பாட்டாளர்கள் பெருமளவில் கலந்து கொண்டனர். இந்த திட்டங்களுக்காக தேர்வு செய்யப்பட்டுள்ள பகுதிகளில் சுமார் 2000 குடும்பங்களைச் சேர்ந்த மக்கள் வாழ்ந்து வருகின்றனர். அவர்களின் வாழ்வாதாரமான மீன்பிடி தொழில், தென்னைத் தோட்டங்கள், குடியிருப்புகள், பாடசாலைகள், மீன்பிடி துறைமுகங்கள் மற்றும் தேவாலயங்கள் உள்ளிட்ட மதஸ்தலங்கள் ஆகியவை இந்த திட்டங்களால் பாதிக்கப்படவுள்ளதாக மக்கள் சுட்டிக்காட்டினர். பூநகரி பிரதேச செயலாளர் பிரிவில் கனிம மணல் அகழ்விற்காக 16 சதுர கிலோமீட்டர் பரப்பளவு தேர்வு செய்யப்பட்டுள்ளதுடன், அதில் 13 சதுர கிலோமீட்டர் பகுதி பொன்னாவெளி மற்றும் கீராஞ்சி கிராம சேவையாளர் பிரிவுகளின் குடியிருப்பு பகுதிகளாக உள்ளமை குறித்து மக்கள் கடும் கவலை வெளியிட்டனர். மேலும், வலைப்பாடு கிராமத்தின் எருமைத்தீவு கடற்கரைப் பகுதியில் இருந்து உள்நாட்டுப் பகுதிக்குள் 1 கிலோமீட்டர் அகலத்திலும் மேற்குத் திசையில் 6 கிலோமீட்டர் நீளத்திலும், அதாவது பெய்முனை முதல் கீரிக்குடா வரையிலான பகுதி இந்த திட்டத்திற்காக தேர்வு செய்யப்பட்டுள்ளதாக தெரிவிக்கப்பட்டது. இந்த திட்டங்கள் மக்களின் வாழ்க்கை, சுற்றுச்சூழல் மற்றும் எதிர்கால தலைமுறைகளின் வாழ்வாதாரத்திற்கு கடுமையான பாதிப்புகளை ஏற்படுத்தும் எனக் குறிப்பிட்ட மக்கள், அவற்றை உடனடியாக நிறுத்துமாறு அதிகாரிகளிடம் கோரிக்கை விடுத்தனர். இந்நிகழ்வின் போது ஜனாதிபதியிடம் சமர்ப்பிக்கப்படும் மனுவிற்கும் மக்கள் கையெழுத்திட்டனர். People’s Protest Against Destructive Projects Implemented in the Name of “Development” Residents have accused the government, relevant authorities, and several national institutions of planning to implement a wind power project, a mineral sand mining project, and a limestone mining project within the Ponnaweli and Kiranchi Grama Niladhari divisions under the guise of “development.” In opposition to these projects, a protest march and demonstration were organized on May 28 from Veravil to Kiranchi. A large number of local residents, civil society organizations, religious leaders, and social activists participated in the protest. According to the residents, nearly 2,000 families living in these areas will be directly affected by the proposed projects. Their livelihoods, including fisheries, coconut cultivation lands, settlements, schools, fishing harbours, and religious places such as churches, have been identified within the project areas. It was further revealed that a land area of 16 square kilometers has been selected for mineral sand mining within the Poonakary Divisional Secretariat Division. Of this, 13 square kilometers fall within the residential areas of the Ponnaweli and Kiranchi Grama Niladhari divisions, causing serious concern among local communities. Residents also strongly opposed the selection of a project area stretching from the Erumaithivu coastal belt in Valaipaddu village, extending 1 kilometer inland and 6 kilometers westward, covering the area from Peymunai to Keerikuda. The people emphasized that these projects would have severe impacts on community life, the environment, and the future of coming generations, and demanded that the authorities immediately halt the proposed developments. During the protest, community members also signed a petition addressed to the President calling for intervention and protection of their lands and livelihoods. “සංවර්ධනය” යන නාමයෙන් ජනජීවිත විනාශ කරන ව්‍යාපෘතිවලට එරෙහි ජන විරෝධය “සංවර්ධනය” යන නාමයෙන් පොන්නාවෙලි හා කිරාංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් තුළ සුළං විදුලි ව්‍යාපෘතිය, ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතිය සහ හුණුගල් කැණීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය, අදාළ බලධාරීන් සහ ජාතික ආයතන කිහිපයක් සැලසුම් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති. මෙම ව්‍යාපෘතිවලට විරෝධය පළ කරමින් මැයි 28 වන දින වේරුවිල් සිට කිරාංචි දක්වා විරෝධතා පා ගමනක් සහ ජන උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රදේශවාසී ජනතාව, සිවිල් සංවිධාන නියෝජිතයින්, ආගමික නායකයින් සහ සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇති භූමි ප්‍රදේශ තුළ පවුල් 2000කට ආසන්න ජනතාවක් ජීවත් වන අතර, ඔවුන්ගේ ජීවනෝපායන්ට අයත් ධීවර කටයුතු, පොල් වගා භූමි, ජනාවාස, පාසල්, ධීවර වරායන් සහ ආගමික ස්ථාන වන දේවස්ථාන ද මෙම ව්‍යාපෘතිවල බලපෑමට ලක්වීමට නියමිත බව ජනතාව පෙන්වා දුන්හ. පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඛනිජ වැලි කැණීම් සඳහා වර්ග කිලෝමීටර් 16ක භූමි ප්‍රදේශයක් තෝරාගෙන ඇති අතර, එයින් වර්ග කිලෝමීටර් 13ක් පොන්නාවෙලි සහ කිරාංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ජනාවාස ප්‍රදේශවලට අයත් වීම පිළිබඳව ජනතාව දැඩි කනස්සල්ල පළ කළහ. එසේම වලෙයිපාඩු ගම්මානයේ එරුමයිතීවු වෙරළ තීරයෙන් අභ්‍යන්තරයට කිලෝමීටර් 1ක පළලින් සහ බටහිර දෙසට කිලෝමීටර් 6ක දිගින්, පේයිමුනයි සිට කීරිකුඩා ප්‍රදේශය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. මෙම ව්‍යාපෘති ජනජීවිතයට, පරිසරයට සහ ඉදිරි පරම්පරාවන්ගේ අනාගතයට බරපතළ බලපෑම් ඇති කරන බව පෙන්වා දුන් ප්‍රදේශවාසීන්, ඒවා වහාම නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා වූ පෙත්සමකටද ජනතාව අත්සන් තැබූහ. See less

Brito Fernando, who received the “Per Anger” Award from the Government of Sweden

අතුරුදන් වූවන් වෙනුවෙන් අඛණ්ඩව ගෙන ගිය අරගලය අගය කරමින් ස්විඩන් රජය විසින් පිරිනමන “Per Anger” සම්මානයෙන් පිදුම් ලැබූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ ඇගයීම් සම්මාන උළෙල අද (2026/05/24) රද්දොළුව අතුරුදහන් වූවන් සැමරීමේ ස්මාරකය අසලදී පැවැත්වුණි. අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවේ සාමාජික සාමාජිකාවියන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ආගමික නායකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජයතිලක බණ්ඩාර සහෝදරයාගේ ගීතමය වැඩසටහන තුළින් අරගලයේ මතකයන් බොහෝ දෙනෙකුගේ හදවත් තුළ නැවතත් ජීවමාන වූවා නොඅනුමානය. මෙහිදී අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, “මෙම සම්මානය මට පමණක් අයිති එකක් නොව, අතුරුදහන් වූවන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කළ දෙමාපියන්ටත්, සියලුම අරගලකරුවන්ටත් අයිති ගෞරවයක්” බවයි. #අතුරුදන්වූවන් #මානවහිමිකම් #BritoFernando #PerAngerPrize #JusticeForTheDisappeared A felicitation ceremony was held today (2026/05/24) near the Memorial for the Disappeared in Raddolugama to honor Brito Fernando, who received the “Per Anger” Award from the Government of Sweden in recognition of his continuous struggle for the rights of the disappeared. Members of the Families of the Disappeared collective, civil society representatives, religious leaders, and human rights activists participated in the event. The musical performance by Jayathilaka Bandara brought back powerful memories of the long struggle and touched the hearts of many participants. Speaking at the event, Brito Fernando stated that: “This award does not belong to me alone. It belongs to all the parents and activists who have continuously struggled for justice for the disappeared.” #DisappearedPersons #HumanRights #BritoFernando #PerAngerPrize #JusticeForTheDisappeared காணாமல் ஆக்கப்பட்டோருக்கான தொடர்ச்சியான போராட்டத்திற்காக ஸ்வீடன் அரசின் “Per Anger” விருதைப் பெற்ற பிரிட்டோ பெர்னாண்டோ அவர்களுக்கு பாராட்டு விழா இன்று (2026/05/24) ரத்தொலுவ பகுதியில் அமைந்துள்ள காணாமல் ஆக்கப்பட்டோரை நினைவுகூரும் நினைவிடத்துக்கு அருகில் நடைபெற்றது. காணாமல் ஆக்கப்பட்டோரின் குடும்பங்களின் ஒன்றிய உறுப்பினர்கள், சிவில் சமூக அமைப்புகளின் பிரதிநிதிகள், மதத் தலைவர்கள் மற்றும் மனித உரிமை செயற்பாட்டாளர்கள் இந்நிகழ்வில் கலந்து கொண்டனர். ஜயதிலக பண்டார அவர்களின் இசை நிகழ்ச்சி போராட்டத்தின் நினைவுகளை பலரின் மனதில் மீண்டும் உயிர்ப்பித்தது. இந்நிகழ்வில் உரையாற்றிய பிரிட்டோ பெர்னாண்டோ அவர்கள், “இந்த விருது எனக்கு மட்டும் சொந்தமானதல்ல; காணாமல் ஆக்கப்பட்டோருக்காக இடையறாத போராட்டம் நடத்திய பெற்றோர்களுக்கும் அனைத்து போராட்ட செயற்பாட்டாளர்களுக்கும் சொந்தமான மரியாதையாகும்” என தெரிவித்தார். #காணாமல்ஆக்கப்பட்டோர் #மனிதஉரிமைகள் #BritoFernando #PerAngerPrize #JusticeForTheDisappeared See less

Southern Province Land Collective Meeting

දකුණු පළාත් ඉඩම් එකතුවේ හමුව 2026 මැයි මස 15 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී පැවැත්වුණි. හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නායක නායිකාවන් 25 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. මෙදින විජලනය (Dehydration) සම්බන්ධ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුවක් පවත්වන ලද අතර, කොස්, නිල් කටරොළු, නිල් මානෙල් සහ කරපිංචා විජලනය කිරීම ප්‍රායෝගිකව සිදු කරන ලදී. එමෙන්ම දකුණු පළාත තුළ පවතින ඉඩම් ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර, ඉදිරියේදී රජය විසින් බලාත්ම කිරීමට යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය පනත සහ ඉඩම් පනතේ සංශෝධන පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සාකච්ඡා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද තීරණය කරන ලදී. මෙම පුහුණුව ගාල්ල දිස්ත්‍රික් විධාතා ආයතනයේ S.A.P. ශිරෝමි සපරමාදු මහත්මිය විසින් මෙහෙයවන ලද අතර, රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුද සහභාගි වූහ. මෙම වැඩසටහන දකුණේ ධීවර සංවිධානය විසින් සංවිධානය කළ අතර, ප්‍රජා අභිලාෂ ජාලය පහසුකම් සැපයීම සිදු කරන ලදී. #දකුණුපළාත්ඉඩම්එකතුව #LandRights #PrajaAbhilasha #FoodSecurity #CommunityEmpowerment #SouthFisheriesOrganization #DehydrationTraining 📍
The Southern Province Land Collective meeting was held on 15 May 2026 at the Southern Fisheries Organization office in Galle District. 25 community leaders representing Hambantota, Matara, Galle, and Kalutara districts participated in the program. A theoretical and practical training on food dehydration was conducted, including dehydration of jackfruit, butterfly pea flowers, blue water lilies, and curry leaves. Participants also discussed ongoing land issues in the Southern Province and decided to organize future public awareness discussions on the proposed Microfinance Act and amendments to the Land Act. The training was facilitated by Mrs. S.A.P. Shiromi Saparamadu from the Vidatha Institute, Galle District, with the participation of two officials from the Rathgama Divisional Secretariat. The program was organized by the Southern Fisheries Organization with facilitation support from the Praja Abhilasha Network. #LandRights #PrajaAbhilasha #FoodSecurity #CommunityEmpowerment 📍 தென் மாகாண காணி ஒன்றியக் கூட்டம் 2026 மே 15 அன்று காலி மாவட்டத்தில் தெற்குப் மீனவர் அமைப்பின் அலுவலகத்தில் தென் மாகாண காணி ஒன்றியக் கூட்டம் நடைபெற்றது. ஹம்பாந்தோட்டை, மாத்தறை, காலி மற்றும் களுத்துறை மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்தி 25 சமூக தலைவர்கள் இதில் கலந்து கொண்டனர். உணவு உலர்த்தல் (Dehydration) தொடர்பான கோட்பாட்டு மற்றும் செயல்முறை பயிற்சி நடத்தப்பட்டதுடன், பலாக்காய், நீல கற்றாழை பூ, நீல அல்லி மற்றும் கறிவேப்பிலை உலர்த்தும் பயிற்சியும் வழங்கப்பட்டது. மேலும் தென் மாகாணத்தில் நிலவும் காணி பிரச்சினைகள் குறித்து கலந்துரையாடப்பட்டதுடன், முன்மொழியப்பட்ட நுண்கடன் சட்டம் மற்றும் காணி சட்டத் திருத்தங்கள் குறித்து மக்களை விழிப்புணர்வூட்டும் நிகழ்ச்சிகளை நடத்த தீர்மானிக்கப்பட்டது. இந்த பயிற்சியை காலி மாவட்ட விதாதா நிறுவனத்தின் S.A.P. ஷிரோமி சபரமாது அவர்கள் நடத்தினார். ரத்தகம பிரதேச செயலாளர் அலுவலகத்தின் இரண்டு அதிகாரிகளும் இதில் பங்கேற்றனர். இந்த நிகழ்ச்சி தெற்குப் மீனவர் அமைப்பினால் ஏற்பாடு செய்யப்பட்டதுடன், பிரஜா அபிலாஷா வலையமைப்பு வசதிகளை வழங்கியது. #காணிஉரிமை #PrajaAbhilasha #FoodSecurity #CommunityEmpowerment See less

Main Activities

01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger